නොලැබෙන ඉල්ලීම් ඉදිරියට දා ගෙන හෙද සංගම් සෞඛ්‍ය සේවාව බිඳ දමන්න හදනවා…! – GMOA….

July 2, 2021 at 8:54 pm | by emanisa.lk

කොවිඩ් වසංගත සමයෙහි හෙද වෘත්තීය සමිති වර්ජනයක් කැඳවා ඉල්ලා සිටින්නේ ආණ්ඩු ගණනාවක් යටතේ ඉල්ලා දිනාගත නොහැකි වූ ඉල්ලීම් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

පහුගිය ආණ්ඩුව යටතේ රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ද මෙම ඉල්ලීම් සිදුකළ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පවසයි.

එකල මෙම ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි වූයේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

එලෙස ප්‍රතික්ෂේප කළ ඉල්ලීම් මාලාවක් පදනම් කරගෙන කොවිඩ් වසංගත සමයෙහි සෞඛ්‍ය සේවාව බිඳ වැට්ටවීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *