නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහවරයි.. මුදල් අය කරන්න සැලසුම්…!

April 9, 2024 at 10:25 am | by emanisa.lk

යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් මෙරට අධ්‍යාපන පද්ධතිය වැඩි වශයෙන් පෞද්ගලික අංශයට පැවරීම සඳහා යෝජනා කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍රපීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, අදාළ ප්‍රතිපත්ති රාමුවට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර එය පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමුකර ඇති බවය.

එම ප්‍රතිපත්ති රාමුව මේ මාසය තුළ පාර්ලිමේන්තුවේ සම්මතවීමට ඉඩ පවතින අතර එය රජයේ ප්‍රතිපත්තිමය යෝජනාවක් බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ද නොහැකි බව මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා ප්‍රකාශ කළේය.

සිංහල සහ ඉංග්‍රීසී භාෂාවලින් සඳහන්ව ඇති එම ප්‍රකාශනයේ වෙනසක් පවතින බව ද එය සම්මත වීම මඟින් මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් රාජ්‍ය වගකීම නිදහස් වීම අපේක්ෂා කරන බවය.

නිදහස් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය අහෝසි කර ගාස්තු ගෙවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබාදීමට ද එමඟින් සැලසුම් කරන බව කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍රපීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය අතුල සමරකෝන් මහතා පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *