හොට්ටුව අතහැර ගිය අය දිව්‍ය ලෝකේ යාමට සිතාගෙන යන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, බාලොලියා මල් නටුවෙන් හබල් තනා වළාකුළෙන් රුවල් තැනුව ද කමක් නැති බවයි.
කෙසේ වුව ද නෙළුම් මලේ පෙති කඩලා ඔරු හදා ගමනක් යාමට කිසිවෙකුට නොහැකි බවයි, සංජීව එදිරිමාන්න අවධාරණය කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.