නුවරඑළියේ කැරට් කිලෝව රු. 1100යි… බ්‍රකෝලි රු. 7000යි…!

January 14, 2024 at 11:27 am | by emanisa.lk

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සතියකට පෙර රු.350-400ත් අතර මිලකට අලෙවි වූ කැරට් කිලෝවක තොග මිල ඊයේ (13) දින රාත්‍රියේ සිට රු 1000-1100 අතර මිලකට අලෙවි වු බව වාර්තා වෙයි. එය ඉතිහාසයේ ඉහළ ම මිල බව ව්‍යාපාරිකයෝ පවසති.

චීන ආහාර සඳහා උපයෝගි කර ගන්නා බ්‍රකෝලි ඇතුළු අනෙකුත් එලවළු වර්ග කිලෝවක මිල රු 7000 දක්වා ඉහළ ගොස් ඇත. සතියකට පෙර බ්‍රකෝලි කිලෝවක මිල රු. 750ක් විය.

ලික්ස් , බිට්රුට්, ගෝවා කිලෝවක් රු 450-500 අතර තොග ද බෝංචි සහ මාළු මිරිස් කිලෝවක් රු 750-800 අතර තොග මිලකට අලෙවි වෙයි.

තවද අමු මිරිස් කිලෝවක් රු 1600, රාබු කිලෝවක් රු 350 වැනි මිලයකට අලෙවි කරන බවද වෙලෙදුන් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *