නීතීඥ සංගම් ලොක්කා රට හදන්න පාලකයින්ට බණ කියනවා..! මිලියන ගාණන් අරන් කුඩුකාරයින්ට ඇප දෙන්න උසාවි එනවා..! – රමේෂ් පතිරණ…

August 13, 2022 at 12:00 pm | by emanisa.lk

රටේ පාසැල් 10 000ක් තිබුණ ද අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පාසල් 50කින් පැමිණි පිරිසක් බව අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

පාසල්වලින් බිහිවන සුපිරි තරුණ පරපුරෙන් ලක්ෂ 11ක් ත්‍රීරෝද රථ රියදුරන් බවට පත්ව ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකශා කරයි.

දේශපාලකයින් ගොඩනැඟිලි හැදුව ද අධ්‍යාපනඥයින් රටට ඔබින අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා නොදීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ස්ථාපිත කරන්න යැයි දේශපාලඥයින්ට බණ කියන නීතීඥ සංගමයේ ප්‍රධානියෙකු අත්අඩංගුවට පත් දකුණේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට පාතාළ නායකයාට ඇප ලබා ගැනීම සඳහා දිනකට ලක්ෂ 10ක ගාස්තුවකට ගාල්ලකට පැමිණි බවට ද ඇමැති රමේෂ් පතිරණ චෝදනා කළේය.

මිලියන ගණන් මුදල්වලට කුඩුකාරයින් වෙනුවෙන් පෙනී සිටින අතර දේශපාලනඥයින්ට යහපත් ලෙස රට පාලනය කරන ලෙස උපදෙස් දීම දෙබිඩි පිළිවෙතක් බව ද හෙතෙම ප්‍රකාශ කළේ ඊයේ (13) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *