නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
ඔහු තව දුරටත් සඳහන් කළේ, නීතිපතිවරයෙකුට1948 වසරට පසු මෙතෙක් ලබා දී නොමැති බවයි. මෙලෙස නීතිපතිවරයාගේ නිල කාලය මාස හයකින් ජනාධිපතිවරයා දීර්ඝ කළහොත් නීතිපති ධූරයෙහි ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වන බව ද හෙතෙම කීය.
මැතිවරණ කාල සීමාවක් තුළ නීතිපතිවරයාගේ ධූරය දීර්ඝ කිරීම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධා විය හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, නීතිපතිවරයෙකු පත් කිරීමට ව්‍යවස්ථා සභාවට අනුමැතිය ලබා දීමට හැකි වුවත්, නීතිපතිවරයාගේ සේවය දීර්ඝ කිරීමට ව්‍යවස්ථා සභාවට බලයක් නැති බව ය. බලයට තිබෙන කෑදරකම නිසා වර්තමාන රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටින බව මහාචාර්යවරයා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ, නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවකට කොළඹ දී එක්වෙමිනි.