නිරෝධායනය නොවී ගමට පැමිණි තිදෙනෙකුට ගම්මු පහර දෙති! තිදෙනාම බරපතළ තත්ත්වයෙන් රෝහලේ!

April 3, 2020 at 3:33 pm | by emanisa.lk

කොළඹ රැකියාවල නියුතුව සිට ඇල්ල, නමුණුකුල  පිංආරාව ගමට පැමිණ නිරෝධායනය නොවී සිටි තිදෙනෙකුට ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා හමුවීමට අද (3) පැමිණි අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් විසින් පහරදී ඇති බව ඇල්ල පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ මොවුන් තිදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් දෙමෝදර ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඇල්ල නමුණුකුල පිංඅරාව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 කාන්තාවක්   සහ  වයස අවුරුදු 45 සහ 55 ක් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම පුද්ගලයින් තිදෙනාම ඉකුත් මාර්තු මස 15 වන දින කොළඹ ප‍්‍රදේශයේ සිට ඇල්ල නමුණුකුල පිංආරාව ප‍්‍රදේශයට පැමිණ තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමති බවත් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් ඇල්ල පොලිසිය පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස