නිරෝධායනට යොමුකළ නිලධාරීන් පොලිසියේ වැඩ! බොරැල්ලේ නිලධාරීන් 56කට කොරෝනා!

November 4, 2020 at 1:29 pm | by emanisa.lk

බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 41 දෙනකු කොරෝනා ආසාදිතයින් වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ. නිලධාරීන් 51 දෙනක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබිණි.

මේ වන විට බොරැල්ල පොලීසිය නිලධාරීන් 56 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ස්වයං නිරෝධායනය වීම සඳහා යොමු කර සිටි පොලිස් නිලධාරී පොලීසිය තුළ සාමාන්‍ය රාජකාරියේ යොදවා ඇත.

ඔවුන් සඳහා සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ 56 දෙනෙකු ඇතුළු නිලධාරීන් 224 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස