නිරායුධ සාමකාමී අන්තරේට පහර දී පළවා හැරීම හෙළා දකිනවා…! – ෆීල්ඩ් මාර්ෂල්…

August 19, 2022 at 11:33 am | by emanisa.lk

නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙලපාලියකට පහරදී පලවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්‍යබලකා සෙබලුන් දහස් ගණනක් මේ ආකාරයෙන් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනකි.

මැයි 9 වෙනිදා මහින්ද රාජපක්ශ අගමැතිවරයා මේ ආකාරයට ම මැර පිරිසක් යොදවා සාමකාමීව අවිහිංසාවාදීව පවත්වාගෙන ආ අරගලයට පහර දුන්නේය. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ වෙනුවට රජයේ සන්නද්ධ පොලිස් හා හමුදා කන්ඩායම් යොදවාගනිමින් සිටියි.

මැයි 9 වෙනිදා ප්‍රහාරයෙන් ඉක්බිති සිදුවූ දේ රටම දුටුවේය. මේ පාර කපමින් සිටින්නේ ඊටත් එහා ගිය බරපතල ජනතා නැගිටීමකට අවශ්‍ය ඉඩකඩ නිර්මානය කරමින් බව අදක්ෂ අකාර්යක්ෂම ජනතාද්‍රෝහී පාලකයින් තේරුම් ගත යුතුය.

පොලීසිය හා හමුදාව යොදවා ජනතාව අතරින් නැගී එන විරෝධතා මෙලෙස සන්නද්ධව මර්දනයට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය කිසි දිනක අනුමත නොකරනු ඇත.

ජාත්‍යන්තර සහාය අත්‍යාවශ්‍ය මෙවන් මොහොතක මෙවැනි අනවශ්‍ය මර්දනකාරී ප්‍රතික්‍රියාවන්ගේ බලපෑම සමස්ත රට වැසියා තවදුරටත් පීඩාවට පත් කරනවා නොඅනුමානය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *