නියෝජ්‍ය කතානායක ධූරයට ඡන්දයක්…! දිනුම පොහොට්ටුවේ අජිත් රාජපක්ෂට…!

May 17, 2022 at 12:03 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් රාජපක්ෂ වැඩි ඡන්ද 30කින් තේරී පත් විය.

අජිත් රාජපක්ෂ ඡන්ද 109 ලබාගත් අතර රෝහිණී කවිරත්නට ලබාගත හැකිවූයේ ඡන්ද 78 කි. ඡන්ද 23 ප්‍රතික්ෂේපිත ලෙස ප්‍රකාශ කෙරිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ ඡන්ද විමසීමකින් තොරව නි. කතානායක ධුරය සඳහා කාන්තාවක් පත්කර ගන්නා ලෙස ඉල්ලා සිටිය ද ආණ්ඩුව සහ විපක්ෂය ඒ සඳහා නාම යෝජනා භාර දී තිබිණි. ඒ නිසා කතානායකවරයාට ඡන්දයක් කැඳවීමට සිදුවිය.

කෙසේ වුව ද විමල් වීරවංශ, මෛත්‍රීපාල සිරිසේන සහ නිමල් ලංසා ප්‍රකාශ කළේ ඡන්දයකින් තොරව සම්මුතියෙන් නි. කතානායක ධූරය සඳහා අයකු පත් කර නොගන්නේ නම් තම කණ්ඩායම් ඡන්දය කටුගාන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *