ශ්‍රීලනිපයෙන් කිහිප දෙනෙකු නෙරපීම පිළිබඳ කලබල විය යුතු නැතැයි එම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ, සමගි ජන බලවේගය නිර්මාණය කිරීමේ දී සජිත් ප්‍රේමදාස සමග එකතු වූ එජාප මන්ත්‍රීවරුන් 67 දෙනෙකු රනිල් වික්‍රමසිංහ පක්ෂයෙන් නෙරපා දැමූ බවයි.
පක්ෂ නායකත්වයට වැඩපිළිවෙළට එරෙහි කඩාකප්පල්කාරීන් එළියට දැමූ තරමට පක්ෂ ගොඩනැඟී ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ බිංදුවට ම වැටී අවසානයේ රටේ ජනාධිපති වූයේ නම් ගැටලුවක් මතු වූ විට හැම පැත්තක් ම සිතා බැලිය යුතු බවයි, මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
අද (25) එම පක්ෂ මූලස්ථානයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.