නිදහස් දවසේ හැම ගෙදරක ම කළු කොඩි උස්සන්න…! – රාසමානික්කම්…

January 27, 2023 at 1:54 pm | by emanisa.lk

පෙබරවාරී 04 වෙනිදා සමරන්නේ 75 වන නිදහස අහිමි වීමේ දිනය බව දෙමළ ජාතික සන්ධානයේ ශානක්කියන් රාමමානික්කම් පවසයි.

රුපියලක් ණය නැති රටක් බිලියන 51ක ණයකරුවන් බවට පසුගිය කාලයේ පත් කොට ඇති බවටයි, ඔහු චෝදනා කළේ.

එහෙයින් පෙබරවාරි 04 වෙනිදා රටේ සෑම ගෙදරක ම සෑම පාරක ම කළු කොඩි දමන ලෙස ඉල්ලා සිටින බව රාසමානික්කම් සඳහන් කරයි.

තමා මඩකලපුවේ කළු නිදහස් දිනයක් සමරන බවත් එය ශ්‍රී ලංකාවට නොව ශ්‍රී ලංකාව පාලනය කරන පැලැන්තියට එරෙහිව සිදුකරන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *