නිදහස් උළෙල ආවරණය කිරීමට සිටි මාධ්‍යවේදීන් 08කට කොරෝනා…!

February 4, 2021 at 6:54 pm | by emanisa.lk

අදට යෙදුණු 73 වන නිදහස් උළෙල ආවරණය කිරීමට පැමිණීමට නියමිතව තිබූ මාධ්‍යවේදීන් 08 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව අනාවරණය වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිදහස් උළෙල ආවරණය කිරීමට සිටි මාධ්‍යවේදීන් 200ක් අතරින් 18 දෙනෙකු සැකසහිත බව මූලික වටයේ දී හඳුනා ගත් අතර අනතුරුව සිදුකළ පරීක්ෂණවල දී 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව හඳුනා ගෙන තිබේ.

මේ අතරින් බහුතරය විද්‍යුත් මාධ්‍ය ආයතනවලට සම්බන්ධ මාධ්‍යවේදීන් වන අතර ඒ පිළිබඳ අදාළ ආයතන දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස