හැත්තෑපස් වැනි නිදහස් දින සැමරුම් උත්සවය සඳහා රුපියල් කෝටි විස්සක් වැය කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ඒ සඳහා රුපියල් කෝටි 57 කට වැඩි ඇස්තමේන්තුවක් ලබා දී තිබුණත් ජනාධිපති කාර්යාලය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සිදු කළ සාකච්ඡා වට කිහිපයකින් පසු කෝටි 20 කට එම වියදම අඩු කර ගෙන තිබේ.
ගාලු මුවදොර පිටියේදී නිදහස් සැමරුම් උත්සවය පැවැත්වෙන අතර එහිදී ජාතික ගීය සිංහල හා දෙමළ බසින් ගායනා කිරීමට නියමිතය.
ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිදු කළ ද ගෝඨාභය රාජපක්ෂ යුගයේ ජාතික ගීය ගායනා කළේ සිංහල බසින් පමණි.