හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වූ පෙර පාසල් අවුරුදු උත්සව අවස්ථාවක සිදු වීමක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.
එම උත්සවයේ ගීතයකට නැටුමක් ඉදිරිපත් කරමින් සිටි කුඩා දරුවෙකු හිටපු ජනාධිපතිවරයා දැක හඬා ගෙන ඔහු වෙත එයි.
එම දරුවා මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටින්නේ සිය අම්මා සොයා දෙන ලෙස ය. අම්මා සෙසු පිරිස අතර ඇතැයි කියමින් හිටපු ජනාධිපතිවරා දරුවා අස්වැසීමට උත්සාහ කරන ආකාරය ද එහි දැකගත හැකිය.