නැගෙනහිර පළාත මුල් කර ගනිමින් එක් ජන සමාජයක් ඉලක්ක කර ගනිමින් සිදුවන පුරාවිද්‍යා කැණීම් වහා ම නතර කළ යුතු බව ද සමන්තුරෙයි, මුතූර් වැනි පළාත් පාලන ආයතනවල තත්ත්ව උසස් කළ යුතු යැයි ද ජනාධිපතිවරයා වෙත රවූෆ් හකීම් යෝජනා කර ඇත.
පසුගියදා සර්වපාක්ෂික ආණ්ඩුවක් තැනීම සඳහා පැවැති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
මෙම සාකච්ඡාවට එච්.එම්.එම්. හරීස්, ෆයිසල් කාසීම්, එම්.එස්. තවුෆීක් යන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පක්ෂයේ ලේකම් නිසාම් කාරියප්පර් සහභාගි වී ඇත.
නැගෙනහිර පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර සංරක්ෂණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඒ සඳහා නායකත්වය ලබා දුන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.