නැඟෙනහිර ජැටියෙන් ලංකාවට ඉතිරි වෙන්නේ 15%යි…! 51%ක් අයිති කතාව බොරුවක්..! -වෘත්තිය සමිති..

January 29, 2021 at 9:09 am | by emanisa.lk

එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති කැබිනට් පත‍්‍රිකාව අනුව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ රජයට අයත් වන්නේ 15%ක් පමණක් බව වරාය වෘත්තීය සමිති සන්ධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න පවසයි.

එය ලබා දෙන්නේ 49% හා 51% අනුපාතයෙන් යයි පැවසුවත් එය සත්‍ය එය නොවන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූ පසු රටට ආදරේ කරන දේශපාලඥයන් සහ ඩොලර්වලට ආදරය කරන දේශපාලකඥයන් වෙන්කර හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි ද ඔහු කියා සිටියේ ය.

වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීම සඳහා වූ යෝජනාවලිය අස්ගිරි මල්වතු මහනාහිමිවරුන්ට භාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *