නාමල්ගේ මගුල් ගෙදර විදුලි බල තවම ගෙවා නෑ…!

August 4, 2023 at 4:10 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබාදී තිබූ විදුලි සැපයුමට අදාල හිඟ මුදල මෙතෙක් ගෙවා නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදුලිබල මණ්ඩලය මේ බව සඳහන් කර ඇත.

වීරකැටිය නිවසට 2019 සැප්තැම්බර් 12 සිට 2019 සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ නිවසේ පැවති උත්සවයක් සඳහා විදුලි ජනක යන්ත්‍ර ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ විසි හයකට වැඩි මුදලක් ගෙවිය යුතු ඇති බවද ලිපියේ සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *