නාගානන්දගෙන් ගෑස් වින්දිතයින්ට පාරිශුද්ධ අරමුදලක්…! දූෂිත මන්ත්‍රීවරු 225ට ලක්ෂ 10 බැගින් තැන්පත් කරන්නැයි නියෝග…!

January 23, 2022 at 1:10 pm | by emanisa.lk

රජයක්, නීතියක්, සදාචාරයක් නැති රටේ නීති පොතට පමණක් ‘පරම අධිකාරිය’ වන ජනතාව වන අපි 225+1 තරයේ ප්‍රතික්ෂේප කර රට කරවන නීතිය අපිම සම්මත කිරීමට අදිටන් කරමු. 2024 ජනාධිපති මැතිවරණය, හොරකම හා මංකොල්ලය තව දුරටත් ජනගත කරන 1978 ව්‍යවස්ථාව සමග ඉදිරිපත් වන පොහොට්ටුවේ අපේක්ෂකයා සහ හොරකමට හා වංචාව ඇති ඉඩකඩ සම්පුර්ණයෙන්ම අවහිර කරන, අධිකරණය දේශපාලන අධිකාරියෙන් ග්‍රහණයෙන් සම්පුර්ණයෙන්ම නිදහස් කර රටේ නීතියේ ආධිපත්‍ය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්ථාපිත කර දැයේ ජනතාව දුකින් මුදවන, ජනරජයේ අධිකාරී බලය විශ්වාසය මත බලගැන්වීමේ වගකීම පැවරී ඇති අප වෙත පාර්ලිමේන්තුව, රාජ්‍ය නායකයා සහ කැබිනට් මණ්ඩලය සහ අධිකරණය යන ආයතන සෘජුවම වගකියන, නීතියේ ආධිපත්‍යයට රාජ්‍ය නායකයාගේ සිට පහලට සියලුදෙනා යටත් කරන, අපේ අධිකාරී බලය බලගන්වා අපි විසින්ම සම්මත කිරීම සඳහා යෝජිත ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් වන අපේක්ෂකයා අතර පැවැත්වෙන මැතිවරණයක් බවට පත්කිරීම වෙනුවෙන් අපි සෘජුව පෙනී සිටිමු !

‘විනිවිද ගෑස් වින්දිතයන්ගේ අරමුදල’ පිහිටුවීමේ අරමුණ 100% ක් පාරිශුද්ධය. නාගානන්ද නියෝජනය කරන විනිවිද පදනම එම අරමුදල නුගේගොඩ ලංකා බැංකුවේ ආරම්භ කරමින් එම අරමුදලේ ප්‍රථම තැන්පතුව වන රුපියල් ලක්ෂය තැන්පත් කළේය. රජයේ බදු මුදල් රුපියල් ලක්ෂ 330 කට වඩා වැඩි ප්‍රමාණයක් වංචා කරමින් වාහන පර්මිට් විකුණන ලද සියලුම මන්ත්‍රීන්ට හා ඇමතියන්ට අවම වශයෙන් තමන් රජයට වංචා කරන ලද බදු මුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් තැන්පත් කරන ලෙස අපි බල කරමු!

එසේම තමන් ලබාගත් පර්මිට් වාහනයකට රුපියල් ලක්ෂ 50 කට වැඩි රජයේ බදු ආදායමක් වංචා කල අනුර කුමාර ඇතුළු හිටපු ජවිපෙ මන්ත්‍රී 6 දෙනාටද තමන් වංචා කල රජයේ බදු මුදලින් 10% ක් එනම් රුපියල් ලක්ෂ 5 බැගින් මෙම පාරිශුද්ධ මෙහෙය ජනාගැනීම සඳහා යෙදවීමට අපි බලකරමු.

මෙම ගිණුමට ලැබෙන සියලුම මුදල් වරින් වර ඔබේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට අපි අදහස් කරන අතර 2022 අප්‍රේල් මස පලවන සතියේ, එනම් සිංහල අලුත් අවුරුද්දට ප්‍රථම අදාළ බැංකු ගිණුම වසා දමා එම අරමුදළට එක්රැස් වන සම්පුර්ණ මුදල මහනුවර ප්‍රදේශයේ මියගිය මවගේ දරුවන් 4 දෙනාගේ අනාගත අභිවෘද්ධිය සඳහා යෙදවීමටත් අපි අපේක්ෂා කරමු!

නාගානන්ද කොඩිතුවක්කු

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස