ගෑස් පිපිරීම්වලට හේතුව ජනපති කොමිසම හෙළි කරයි…! ළිප්වලට බැන්න අයට කට උත්තර නැති වෙයි..!

December 21, 2021 at 5:43 pm | by emanisa.lk

ගෑස් පිපිරීම්වලට හේතුව මෑත කාලීනව ගෑස් සංයුතියේ සිදු වූ වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසයි.

“මේ ගෑස් පද්ධතිය ගත්තොත් කවුරුත් දන්නවා ගෑස් සිලින්ඩරය තියෙනවා. ඊට පස්සේ උපාංග තියෙනවා. අපි රෙගියුලේටරය කියනවා. ඊළඟට රබර් නළය සහ උඳුන මේ එක පද්ධතියක්.

එතකොට අපි පැහැදිලිව හඳුනාගත්තා ඇත්තට ම අපි මේක ස්ථානීය පරීක්ෂණ හරහාත් අපි සාක්ෂාත් කරගත්තා. අනෙක් කිසි දෙයක් වෙනස් වෙලා තිබුණේ නෑ. වෙනස්වෙලා තිබුණ මුලික දේ තමයි මේ සිලින්ඩරය තුළ තියෙන ගෑස්. ඇත්තටම ඒක වෙනස් වෙලා තියෙනවා.

ඒ කියන්නේ ඒක සති දෙකෙන් දෙකට හරි මාසෙන් මාසෙට හරි ගෙවල්වලට වෙනස් වෙනස් විදියට ලැබෙනවා. ඒත් එක්කම සිලින්ඩරයත් ලැබෙනවා. නමුත් අපේ අධ්‍යයන කමිටුව පැහැදිලිව දෙන නිගමනයක් තමයි සිලින්ඩරය පුපුරා යෑමට තියෙන අවකාශය ඉතා ම අවමයි.

අවසානයේ අපිට නිරීක්ෂණය කරන කොට අපි දැකපු කරුණක් තමයි, පසුගිය කාලය තුළ සංයුතියේ යම් ඉහළ යෑමක් සිදුවෙලා තියෙනවා. ඇත්තට ම ඒක 40කට කිට්ටු අගයක් ඇවිල්ලා තියෙනවා. සංයුතියේ සිදුවු වෙනස්වීමක් සමග ඇති වු අනෙකුත් කරුණු තමයි අවසානයේ මේ අනතුරුවලට හේතු වුණේ කියන එක තමා අපේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ.”

මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළ මේ බව තහවුරු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *