ගෑස් බෝම්බ බවට පත්වෙයි…! පසුගිය දින 12ට ගෑස් පිපිරීම් 586ක්…!

December 14, 2021 at 8:48 am | by emanisa.lk

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් සිද්ධි 586ක් දෙසැම්බර් මස ගෙවී ගිය දින 12ට පොලිස් ස්ථාන වෙත වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් තල්දුව පවසයි.

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් 694ක් වාර්තා වී ඇතැයි ද ඉන් සිද්ධි 683ක් නොවැම්බර් සහ දෙසැම්බර් මස 12 වැනිදා තෙක් වාර්තා වී ඇතැයි ද ඔහු කීය.

පෙරේදා (12 ) පමණක් ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් 23ක් වාර්තා වී ඇති අතර මේ කිසිදු අවස්ථාවක ගෑස් ටැංකි පුපුරා යෑමක් සිදුව නැති බවත් ගෑස් ලිප්, බට, රෙගුයුලේටර් ආශ්‍රිත සිදුවීම් වාර්තා වී ඇති බවත් ඔහු කීය.

මෙම පිපිරීම්වල දී වීදුරු ආශ්‍රිත ලිප් වැඩි වශයෙන් පිපිරීම්වලට ලක්ව තිබූ බව නිරීක්‍ෂණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *