නව ලිට්‍රෝ සභාපති මුදිත අන්ත දූෂිතයෙක්…! ඕස්ට්‍රේලියාවේ පමණක් සුපිරි නිවාස 06ක්…!

June 12, 2022 at 9:30 am | by emanisa.lk

පසුගියදා ලිට්‍රෝ සභාපති ධූරයට පත් කළ මුදිත පීරිස්ගේ දූෂිත ගනුදෙනු ඔස්සේ මහා ධනස්කන්ධය උපයාගත් දූෂිතයකු බව වාර්තා වෙයි. තෙෂාර ජයසිංහ සහ විජිත හේරත්ට පසු මෙවැනි පුද්ගලයකු ලිට්‍රෝ සභාපති ධූරයට ගෙන ඒම පිටුපස සිටින දේශපාලන හස්තය කවුද යන්න සොයා බැලීම වැදගත්ය.

පසුගිය කාලයේ වංචා දූෂණ පිළිබඳ බොහෝ චෝදනාලට ලක් වූ රවී කරුණානායක විසින් ලිට්‍රෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට පත් කළ මුදිත පීරිස් පිළිබඳ හෙළිදරව් කරන ලිපියක් පහත දැක්වෙයි.

මුදිත පීරිස් ලිට්‍රෝ ගෑස් සභාපති ධුරයට පත් කිරීමට සුදානම් වීමක් පිළිබඳව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මුදිත පීරිස් පසුගිය රජය මයේ එහි කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලද අතර විශාල වශයෙන් අල්ලස් ලබාගැනීම් සිදු කල චරිතයක් ලෙසට ඔහු කා අතරත් ජනප්‍රිය ය. මොහු විසින් අවස්ථා කීපයකදීම හිටපු අමාත්‍ය විමල් විරවංශ මන්ත්‍රීතුමාට මුදල් ලබා දී ඇති බව ඔහු විසින් කීප අවස්තාවකදීම ප්‍රසිද්ධියේ කියා තිබේ.

මුදිතගේ කොමිස් සෙල්ලම

ලිට්‍රෝ ගෑස් කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් මීට පෙර මෙම තනතුරට පත්වීමෙන්, ගෑස් සිලින්ඩර් ටෙන්ඩර් සඳහා ඉන්දියාවේ Mauria Udyog Ltd සහ Oman Trading International සහ LPG සැපයුම සඳහා Shell Singapore යන සමාගම් වෙත ටෙන්ඩර් ලබාදීම සඳහා විශාල වශයෙන් අල්ලස් ලබා ගැනීම් සිදු කර ඇත.

‘මිට්කෝ ගෲප්’ ‘Mitko Group’ආයතනය යටතට ඔහුව පත් කිරීම තුළ Mitko International, Mitko Construction, Mitko Skyswitch, Mitko Trading, Mitko Homes යන සියලුම සමාගම් ඔහු යටතට පත් විය

මෙම සමාගම් ඔස්සේ මුදිත පිරිස් ඕස්ට්‍රේලියාවේ සුපිරි පන්නයේ නිවාස 6 ක් සඳහා හිමිකම් කියයි. ඔහු ලබා ගන්නා අල්ලස් ඔහුගේ ගිණුම් හරහා සිදු කරනු ලබයි. එම අල්ලස් මුදලින් මෙම නිවාස මිලදී ගැනීම් සිදුකර ඇත.

මිට්කෝ හෝම්ස් විසින් වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පර්චස් 87 ක ඉඩමක bricksgate ‘බ්‍රික්ස්ගේට්’ නමින් මහල් 9 කින් යුත් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ගොඩනැගු අතර මෙම ව්‍යාපෘතියේ වටිනාකම, කෝටි සිය ගණනකි. ඔහු අයතා ලෙස ටෙන්ඩර් හසුරුවා කොල්ල කෑ මහජන මුදලින් මේවා සිදු කර ඇත.

LPG ටෙන්ඩරය දෙන්න හොර පාරෙන් කොමිස් ගත් හැටි

එවකට මුදිත පිරිස් මෙම මහජන මුදල් මංකොල්ලය සඳහා ඔහු විසින් ලිට්‍රෝ ගෑස් සමාගමේ මුල්‍ය අධ්‍යක්ෂවරිය වන ලක්මාලි හපුආරච්චි මහත්මියගේ සහයද ලබා ගෙන ඇත. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී ඇයගේ ද සහය ඇතිව, අනෙකුත් නීත්‍යානුකූල, සුදුසුකම් සහිත LPG සැපයුම්කරුවන් වලක්වා ඔවුනට අවශ්‍ය සැපයුම්කරුවන් වෙත ටෙන්ඩර් ලබා දීම සිදු කර ඇත.

මුදිත පිරිස් සහ ලක්මාලි හපුආරච්චි හවුලේ කරගෙන ගිය මෙම කොල්ලකෑම, ඔවුන් ඉල්ලා සිටින කොමිස් මුදල ගෙවන ඕනෑම සැපයුම්කරුවෙකු වෙත ටෙන්ඩරය ලබා දීම සිදු කර ඇත. ඔවුන් ඕමානයේ බලශක්ති වෙළඳ සමාගමක් වන Oman Trading International (OTI) සමඟ ලිට්‍රෝ ගෑස් LPG සැපයීම සඳහා වන ගණුදෙනුව පවත්වා තිබේ.එම ගණුදෙනුව හරහා මුදිත පිරිස් සහ ලක්මාලි හපුආරච්චිට OTI මගින් මාසිකව LPG මෙට්‍රික් ටොන් එකක් සඳහා අල්ලස් වශයෙන් USD 6 ක “කොමිස්” ගෙවීමක් සිදු කර ඇත. Litro සමාගම විසින් වසරකට මෙට්‍රික් ටොන් 350,000ක් මිලදී ගෙන තිබේ. එවැනි මිලදී ගැනීමකදී මොවුන් දෙදෙනා ගසා ගත් කොමිස් මුදල් ප්‍රමාණය කොටි ගණනකි. මෙම OTI යනු මුදිතගේ සහ ලක්මාලිගේ අල්ලස් ලබා ගැනීමට වන ගිජුකම නිසාම ලිට්‍රෝ ගෑස් සමාගම සමඟ කරයුතු කරනු ලබන මෙයට පෙර අසාදු ලේඛනගත කළ සමාගමකි.

කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් සහ මුල්‍ය අධ්‍යක්ෂවරියට LPG මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 4ක් බෙදා ගන්නා අතර අල්ලසට හිමිවට ටොන් එකකට ඩොලර් 6 ක් වන මුදලින් ඉතිරි ඩොලර් 2ක හිමිවන්නේ මුදිතට සමීප ඇමතිවරයෙකුටය. ලිට්‍රෝ ගෑස් කලමනාකර අධ්‍යක්ෂක මුදිත සහ මුල්‍ය අධ්‍යක්ෂකවරිය වන ලක්මාලි මාසික පදනම මත OTI මගින් වැටුප් ලබන අතර ඔවුන් තම නිලයන් හි රැඳී සිටීමට උපරිම උත්සාහයක් දැරූ දෙදෙනෙක් බව ඔවුන්ගේ සමීපතමයෙක් අප හා පැවසිය.

LPG සිලින්ඩර සැපයීමේ කොන්ත්‍රාත්තුවෙනුත් මුදිතට කොමිස්

ලිට්‍රෝ ගෑස් සමගම විසින් LPG සිලින්ඩර සැපයීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ Mauria Udyog Ltd. සමාගම වෙත ලබා දී ඇත. පසුගිය වසරේ දී Mauria Udyog Ltd වෙත ලබා දී ඇති කොන්ත්‍රාත් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවයි. Mauria Udyog Ltd විසින් සපයනු ලබන සෑම සිලින්ඩරයක් සඳහාම කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් සහ මුල්‍ය අධ්‍යක්ෂවරිය, ලක්මාලි හපුආරච්චි වෙත ඇමරිකානු ඩොලර් 2 ක අල්ලසක් ලබා දී ඇත. ඉන්දීය Mauria Udyog Ltd සමාගම විසින් සපයනු ලබන ලිට්‍රෝ ගෑස් සිලින්ඩර බොහෝ ගැටලුන්ට මුලික වී ඇත.

– මසකට පැමිණිලි 100,000 ක් පමණ වසර 2 කට වැඩි කාලයක් තිස්සේ ලැබී ඇති අතර, නව Mauria Udyog Ltd LPG සිලින්ඩරවල සිදු වන ගෑස් කාන්දුවීම් වළක්වමින් ඒවා මුද්‍රා තැබීම සඳහා සෑම මසකම රබර් ගෑස්කට් 40,000 ක් පමණ බෙදාහරින්නන් වෙත ලබා දී ඇත.

– මෙම Mauria Udyog Ltd සමාගම විසින් සපයනු ලබන LPG සිලින්ඩර කාන්දුවීම් සමස්ත ප්‍රතිශතයක් ලෙස ගත විට එය 60% අනුපාතයක් පවති.

– මෙම දෝෂ සහිත සිලින්ඩර් වලින්, ගෑස් කාන්දුවීම් නිසා අවම වශයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් එවන් අවධානම් පසුබිමක ලිට්‍රෝ ගෑස් කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් Mauria Udyog Ltd සමාගම හා එක්ව ලාභ උපයයි.

මුල්‍ය වංචාවට ආශිර්වාදයක් වූ ප්‍රසිද්ධ ඇමති

ඉහත සියලු ගනුදෙනු වලදී ලිට්‍රෝ ගෑස් කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් සහ මුල්‍ය අධ්‍යක්ෂකවරිය වන ලක්මාලි සමඟ ජාවාරමේ සිටියේ එවක සිටී ප්‍රසිද්ධ ඇමතිවරයෙකි. 2015 මහ මැතිවරණයේදී මෙම ඇමතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට ආධාර කිරීම සඳහා මුදිත ගෑස් සිලින්ඩර දහස් ගණනක් නොමිලේ ලබා දී තිබුණි. මෙය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් සඳහා මහජන මුදල් යෙදවීම සම්බන්ධව වන සහ බරපතළ අක්‍රමිකතාවකි. මෙම මුල්‍යමය වංචාවන් පිටුපස සිටින්නේ රවී කරුණානායක හිටපු අමාත්‍යවරයායි.

තවදුරටත් මෙම වංචාවන් සිදු කරගෙන යෑම සඳහා පුෂ්පකුමාර එදිරිසිංහ, කමල් වික්‍රමසිංහ සහ ජයන්ත බස්නායක ලිට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස උසස් කිරීම සහ ඔවුන්ගේ මාසික අධ්‍යක්ෂක වේතන හා වාහන දීමනා ලක්‍ෂ 5කින් වැඩි කිරීම, මෙම වංචාවන් අවශ්‍ය පරිදි සිදු කර ගැනීමට මුදිතට හැකි විය. මෙම අධ්‍යක්ෂකවරුන් තිදෙනාට සිය උසස්වීම් හිමිවුයේ මුදිත පිරිස් ට සහ ලක්මාලි හපුආරච්චිට අවශ්‍ය ආකාරයට සිය වංචාවන් සිදු කර ගැනීම සඳහායි. ඔවුන් තිදෙනා අධ්‍යක්ෂවරුන් ලෙස උසස් කරනු ලැබුවේ පක්ෂපාතී වීම හේතුවෙනි.

අයතා ලෙස වියදම් කල ලිට්‍රෝ ගෑස් අරමුදල්

ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරි මුදිත හර්ෂජිත් මහතා 2018 නොවැම්බර් මාසයේදී ස්ථිර මහාධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ ලිට්‍රෝ ගෑස් අරමුදල් (මහජන අරමුදල්) එම සමාගමේ කිසිදු සේවකයකු නොවන වෙනම පුද්ගලයන් 39 දෙනෙකු සඳහා ප්‍රවාහන දීමනා ගෙවීමට යොදා ගත් බවයි. කෙසේ නමුත් මෙම ගෙවීම් අනුමත නොවූ අතර ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මහජන මුදල් යොදවා පවත්වාගෙන යනු ලබන රහස්‍ය ගිණුමක් හරහා මෙම ගෙවීම් සිදු කර ඇති බව CFO සාක්ෂි දුන්නේය.

මුදිතවම සභාපති කරන්නේ කාගේ උවමනාවට ද?

අප රටෙහි විශාලතම LPG ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුර තබා කිසිඳු තනතුරක් දැරීමට ඔහුට කිසිදු මූලික අධ්‍යාපනයක් නොමැත. මෙවන් ඉතිහාසයක් සහිත මුදිතව ම ලිට්‍රෝ ගෑස් සභාපතිධුරයට පත් කිරීම කාගේ උවමනාව ද? කෙසේ නමුත් එවකට ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ධුරයට මොහුව පත් කලේ රවී කරුණානායක විසින් බව ප්‍රසිද්ධ රහසකි. මොහු විසින් අවස්ථා කීපයකදීම හිටපු අමාත්‍ය විමල් විරවංශ මන්ත්‍රීතුමාට මුදල් ලබා දී ඇති බව ඔහු විසින් කීප අවස්තාවකදීම ප්‍රසිද්ධියේ කියා තිබේ. ලිට්‍රෝ ගෑස් සමාගම් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මුදිත අයතා ලෙස ඉපැයූ මුදල විගණනය කළ නොහැකි තරම් ය. එසේනම් මහා පරිමාණයෙන් කොමිස් මුදල් ලබා ගනිමින්, සිය තනතුර සහ නිල බලය අයතා ලෙස යොදා ගනිමින් ක්‍රියා කල මුදිත පීරිස් වැනි හොරෙකුට ලිට්‍රෝ ගෑස් සභාපතිකම දී බලාපොරොත්තු වන්නේ කුමක් ද? මුදිත පීරිස්ව සභාපති කරමින් මේ පත් කරන්නට යන පත් කිරීම පසු පස සිටිනා ප්‍රභල දේශපාලන චරිතය කවුරුන් ද?

sinhala.lankac.news

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස