නව කැබිනට් මණ්ඩලය සඳුදා…! රාජ්‍ය ඇමැතිවරුන්ට කැබිනට් වරම්…! රාජපක්ෂලාට ඇමැතිකම් නෑ…!

April 15, 2022 at 5:45 pm | by emanisa.lk

නව කැබිනට් මණ්ඩලය ලබන (18) සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

රජයේ නියෝජිත කණ්ඩායම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබන 18 වැනිදා පිටත්ව යෑමට නියමිත අතර ඊට ප්‍රථම රටේ දේශපාලන ස්ථාවරත්වය පෙන්නුම් කිරීම වැදගත්වන හෙයින් නව කැබිනට් මණ්ඩලය මෙසේ පත් කිරීමට නියමිතය.

නව රජයේ ඇමති තනතුරු බාර ගැනීමට බොහෝ පාර්ශවයන්ට ආරාධනා කර ඇතත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් නොවී සිටින තත්ත්වය යටතේ හිටපු ඇමතිවරුන්ගෙන් සමන්විතව නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට කටයුතු කරන බවත් ඉහළ කාර්ය සාධනයක් පෙන්වා ඇති රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකුට ද මෙහි දී ඇමැති තනතුරු හිමිවීමට නියමිත බවත් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂට නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොකෙරෙන බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *