නත්තල් සාදවලට පිට පළාත්වලට යන්න එපා! කොරෝනා පීඩිතයන්ට උදව් කිරීම මෙවර නත්තලයි! – කාදිනල්තුමා

December 25, 2020 at 9:18 am | by emanisa.lk

උදාවෙන නත්තල් සමයේ දී වෙනදා මෙන් නත්තල් සාද සඳහා පිට පළාත්වලට යෑමෙන් වළකින ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.

එකිනෙකාට සුබ පතන මොහොතේ අනිවාර්යයෙන් ම සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ද මේ දිනවල පවතින කොරෝනා වසංගතය සිහියේ තබාගෙන උත්සව, නත්තල් සාද හා සංදර්ශන පැවැත්වීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් බව ද කාදිනල්තුමා පවසයි.

මෙදා මැදියම් රැයේ නත්තල් දේවමෙහෙය රූපවාහිනි නාලිකා මගින් විකාශනය කරන අතර කොරෝනා වසංගතය පැතිරී නොමැති පළාත්වල ඒ ඒ දේවස්ථානවල අද (24) සවස සහ හෙට (25) උදෑසන නත්තල් දේව මෙහෙයන් සංවිධානය කර ඇති බව ද කාදිනල්තුමා පැවසීය.

කොරෝනා වසංගතයෙන් පීඩා විඳින අසරණයන් වෙනුවෙන් මෙවර නත්තලට වැය කරන මුදල් යොදවන ලෙසත්, නිරෝධායන පවුල් සඳහා සංග‍්‍රහ කිරීම වැදගත් බවත් කාදිනල්තුමා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස