උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමෙන් අධිකරණය හමුවේ ඇති නඩු වේගයෙන් විභාග කළ හැකි යැයි පැවසීම මිත්‍යාවක් බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පවසයි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අට දෙනෙකු පුරප්පාඩු වුවද එහි නඩු ඇසිය හැකි යැයි සභාපති විනිසුරු සහ අගවිනිසුරු ප්‍රකාශ කරන්නේ නම් ඔවුන්ගේ වයස් සීමාව ඉහළ නංවන්නේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.
අභියානාධිකරණයට මේ වන විට නඩු තුනක් ගොනුකර ඇති බවත් ඉන් දෙකක්ම දැනට අසමින් පවතින අතර නඩු සීඝ්‍රයෙන් විසඳමින් ඇතැයිද යූ.ආර්. ද සිල්වා පෙන්වා දෙයි.
ඉහළ අධිකරණවල පවතින නඩු විසඳීමෙන් අනතුරුව එම විනිසුරුවරුන් පහළ අධිකරණවල ගොඩගැසී ඇති නඩු විසඳීමට නොපැමිණෙන බවද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කරයි.
පෞද්ගලික නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.