විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් බව සත්‍ය හා යුක්තිය උදෙසා වූ නීතිඥයෝ සංවිධානයේ සභාපති නීතිඥ අමිල එගොඩමහවත්ත පවසයි.
එම සංවිධානයේ සභාපති නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා මේ බව අවධාරණය කළේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
වත්මන් රජයේ ප්‍රතිපත්තිමය ගමන් මගට තමන් සහාය දැක්වුවද, අධිකරණ පද්ධතියට අහිතකර ලෙස බලපාන මෙවැනි තීරණ සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැකි බව ඔහු එහිදී ප්‍රකාශ කරයි.
යෝජිත සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම එහි විනිවිදභාවයට ද බාධාවක් විය හැකි බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
දූෂිතයන්ට සහ වංචාකරුවන්ට එරෙහිව නීතිය වේගවත්ව ක්‍රියාත්මක වීම කාර්යක්ෂම කළ යුතු වුවද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ ඒ අතර සම්බන්ධයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සංශෝධනය අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට උචිත නොවන බැවින් එය වහාම හකුළා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටි සභාපතිවරයා, දොවාගත් කිරි කළයට ගොම බින්දුවක් නොදමා රජය සිය ගමන ඉදිරියට ගෙන යා යුතු බවත්, මෙවැනි තීරණ මගින් රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු විය හැකි බවත් අවධාරණය කරයි.