නගරාධිපති මැදුරට හොරා විදුලිය අරන්…! නගරාධිපතිගේ පියා අත්අඩංගුවට…!

November 24, 2021 at 11:54 am | by emanisa.lk

මහරගම නගර සභාවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන්ගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ නිවසට නීති විරෝධී ලෙස විදුලි බලය ලබා ගත්තේය යන චෝදනාව මත ඊයේ (23) රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය සඳහන් කරයි.

විශ්‍රාම පොලිස් නිලධාරියෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා හෝමාගම ගලවිලවත්ත මාවතේ පිහිටි තම නිවසට මෙසේ විදුලිය ලබාගෙන ඇත. නගරාධිපතිවරයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බව පොලීසිය සඳහන් කරයි.

එම නිවස ඉදිරිපිට රාත්‍රී කාලය පුරා ම අධිබලැති විදුලි බල්බ දැල්වෙමින් ඇතැයි ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී හෙලිව ඇත්තේ ආසන්න විදුලි කණුවලින් හොර රහසේ විදුලි ලබා ගෙන ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *