මහරගම නගරාධිපතිට ආණ්ඩුවම එරෙහි වෙයි…! ජාතික ගීය වැයෙද්දි විරෝධතා….!

September 25, 2021 at 2:58 pm | by emanisa.lk

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන්ට අප්‍රසාදය පළ කරමින් එම නගර සභා රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබිණි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසි පස් දෙනාගෙන් විසි එක් දෙනෙකු ම නගරාධිපතිවරයාට විරෝධය පළකර තිබුනේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමිනි.

මන්ත්‍රීවරුන් කියා සිටියේ එහි විනිවිදභාවයක් නැති බවත් සභා අනුමැතියකින් තොරව එය සිදු වූ බවත්ය.

ඊයේ දින ඇති වූ උණුසුම් තත්ත්වය මැද ජාතික ගීය වාදනය කරමින් නගරාධිපතිවරයා විසින් සභාව අවසාන කිරීමට කටයුතු කළ ද එය නොතකා මන්ත්‍රීවරුන් සභාව මැද විරෝධතා දියත් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *