ධම්මිකගේ පාර්ලිමේන්තු ගමන ස්ථිරයි..! පෙත්සම් 05ම විභාගයට නොගෙනම ඉවතට..!

June 21, 2022 at 4:48 pm | by emanisa.lk

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුම්රුම් දීම වළකමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය.

මෙම පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණී.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, විදේශීය මාධ්‍යවේදී මාධ්‍යවේදී රෝයල් රේමන්ඩ්, ප්‍රවීණ පරිවර්තක ගාමිණී වියන්ගොඩ සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍ර ජයරත්න ඇතුළු පස් දෙනකු විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තු මහ ලේකම්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්, ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ නිතිපතිපතිවරයා ය.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙසින් පත් වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබද අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූයේ දිවුරුම් දීමක් නොකරන බව ද ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *