දොස්තර සාෆි සේවයේ පිහිටුවා හිඟ වැටුප් ගෙවයි…! ලක්ෂ 25ම රෝහලට හිඟ බෙහෙත් සඳහා දෙයි..!

June 13, 2022 at 3:41 pm | by emanisa.lk

සිංහල කාන්තාවන් දහස් ගණනක් වඳභාවයට පත් කළේ යැයි චෝදනා ලද වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆිට සියලු හිඟ වැටුප් ලබා දී තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆිට එරෙහිව මෙම චෝදනා නැගිණි.

එහි දී ඔහුගේ සේවය අත්හිටුවීමට ද බලධාරීන් කටයුතු කර තිබිණි.

කෙසේ වුව ද ඔහුට එරෙහි චෝදනා කිසිවක් සනාථ කළ නොහැකි වූ අතර අනතුරුව ඔහු නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කෙරිණි.

මේ අතර තමන්ට ලැබුණු හිඟ වැටුප රෝහල් සඳහා ඖෂධ ලබා ගැනීමට ලබා දෙන බව වෛද්‍ය ෂාෆි පවසා තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *