දේශ හිතෛෂි ශ්‍රී ලාංකික එකමුතුව අපේක්ෂකයන් 10ක් දිනවන්න සූදානම්! බෙදුම්වාදයට එරෙහිව මහ සටනක් කළ චන්න අනූප දිනේෂ් විමල් උදය ඒ අතර!

July 11, 2020 at 2:43 pm | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් 10 දෙනෙකුට ආධාර කිරීමට දේශ හිතෛෂි ශ්‍රී ලාංකික එකමුතුව තීරණය කර තිබේ.

මෙලෙස තෝරාගෙන ඇත්තේ චන්න ජයසුමන, අනූප පස්කුවල්, දිනේෂ් ගුණවර්ධන, නාලක ගොඩහේවා, ප්‍රියන්ත පතිරණ, රත්නප්‍රිය බන්දු, සරත් වීරසේකර, උදය ගම්මන්පිල, උදයශනාත් ගූණසේකර, විමල් විරවංශ යන අපේක්ෂකයෝය.

මේ සියලු දෙනා රටේ ඒකීයත්වය, සංස්කෘතික උරුමය, ස්වදේශීය ආර්ථිකය සහ ජාතික ආරක්ෂාව ඇතුළු ජාති හිතෛෂි මතවාද වෙනුවෙන් පසුගිය සමයේ අකණ්ඩව පෙනි සිටි පිරිසකි.

ශ්‍රී ලංකාවට එරෙහිව විදෙස් අතපෙවීම් ඇතුළු බලපෑම්වලට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරන ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ ජාතික උරුමයන් රැක ගැනීම උදෙසා පසුගිය සමයේ දේශ හිතෛෂි ශ්‍රී ලාංකික එකමුතුව විශාල කාර්යභාරයක් කළේය. එය ලොව පුරා සිටින දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත සංවිධානයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස