දේශීය ආර්ථික සම්ප‍්‍රදායයන් සහ ජාතික චින්තනයන් මත පදනම් වෙමින් ශ‍්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
ඉදිරි මාස කිහිපයේ දී ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කරන බව ද එජාප නායකයා පවසයි.
ජපානය සහ තායිලන්තය වැනි බෞද්ධ රාජ්‍ය දියුණු වූ ආකාරය පිළිබඳව අධ්‍යයනයක් කරමින් ඉහත සඳහන් වැඩපිළිවෙළ සකස් කරන බව ද හිටපු අගමැතිවරයා හෙළි කළේ ය.