වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (19) මාතර අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.
මාතර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කොට තිබිණි.
කෙසේ වුව ද සති 3කට අධික කාලයක් පොලිසියට දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත නොහැකි විය.
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 05ක් යෙදවුව ද අත්අඩංගුවට ගත නොහැකි විය.