දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට ගාලු මුවාදාර අරගලකරුවන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිස්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර පවසයි.
කෙසේ වුව ද ඊයේ අරගලකරුවන් පිරිසක් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිසම වෙත පැමිණ තිබිණි.
ඔවුන් එහි දී අනාවරණය කළේ නිර්පාක්ෂික අරගලය එක්තරා පක්ෂ දෙකක් කොල්ලකෑමට එරෙහිව මෙම පක්ෂය නිර්මාණය කරන බවයි.