තමන්ට අදාළ නොමැති සාකච්ඡාවක් සඳහා කැඳවූයේ යැයි එක්වූ ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු නිලධාරීන්ට දෝෂාරෝපනයක් එල්ල කර තිබේ.
ගොවි සංවිධානවල ප්‍රධානීන් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ දී අද (21) කැඳවා තිබූ සාකච්ඡාවක දී ය.
මෙම රාජ්‍ය නිලධාරිනියගේ හැසිරීම එහි පැමිණ සිටි ගොවීන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇති අතර ඇයට එහි දී ගොවීන්ගෙන් දැඩි විරෝධයක් ද එල්ල විය.
කෙසේ වෙතත් අනතුරු ව අමාත්‍යවරයාගේ අවසරයෙන් දේවානි ජයතිලක එම ස්ථානයෙන් පිටත්ව ගිය බව සඳහන් වේ.