කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වන තරුෂි විදුෂිකා රාජපක්ෂ විසින් නිපදවූ පරිසර හිතකාමි ලන්ච් ෂීට් නිෂ්පාදනයට සහයෝගය දෙන්නැයි පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබියදීත් එම අධිකාරිය එකී පරිසර හිතකාමි නිෂ්පාදනය තහනමට ලක්කොට ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවතින පොලිතින් ප්ලාස්ටික් තහනමට මුවාවී මෙම පරිසර හිතකාමි ලන්ච් ෂීට් නිපදවීම ද තහනම් කර ඇත.
විදුෂි තරුෂිකා නිපදවූ පරිසර හිතකාමි ලන්ච් ෂීට් එකක් මාස හයක් පමණ භාවිත කළ හැකි බැවින් දැනට එක් වරක් පමණක් භාවිත කර ඉවත ලන ලන්ච් ෂීට් සඳහා එය ඉතා අනර්ඝ විසඳුමක් බව අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙසේ එම නිෂ්පාදනය තහනමට ලක් කර ඇත්තේ ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට හා දේශිය හා විදේශිය වෙළඳපොල අවස්ථා ලබා ගැනීමට ඇයට අවශ්‍ය සහයෝගය දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් එම අධිකාරියට උපදෙස් ලබා දී තිබිය දීය.
මේ වන විටත් රටවල් හයකින් ඇගේ නිෂ්පාදනය අගය කර ඇති අතර දේශීය විදේශිය ආයතන රාශියක් ඇයට සහය දීමට ද කටයුතු කරමින් සිටියදී මෙම තහනම සිදුව ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.