දෙවෙනි අරගලයට නායකත්වය දෙන්නේ අපි…! – ලාල් කාන්ත..

September 28, 2022 at 12:43 pm | by emanisa.lk

රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් දෙවන අරගලයක් එන බවත් පාලකයින් දන්නා බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

එම දෙවෙනි නැගිටීමට නායකත්වය දෙන්නේ වෙන කිසිවෙකු නොව ජාතික ජන බලවේගය බවයි, ලාල්කාන්ත අවධාරණය කළේ.

එය සාමකාමී අරගලයක් බවත් ගිනි කූරක්වත් දැල්විය යුතු නැති බවත් හෙතෙම සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ඇතුළු රටේ ගෙවල් ගිනි තැබීමෙන් සත පහක වැඩක් නොමැති බවත් එමගින් වාසි ලැබුවේ පාලකයින් බවත් ලාල් කාන්ත වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *