චීනයෙන් පොහොර ගෙන්වීම නතර කර නෑ…!

September 30, 2021 at 8:03 am | by emanisa.lk

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවා නැති බවත් අහිතකර බැක්ටීරියා හමු වූ පොහොර නිපදවන චීන සමාගමෙන් පොහොර ගෙන්වීම අත්හිට වූ බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා නිවේදනය කරයි.

හදිසි නිවැරදි කීරිමයි

චීනයෙන් කාබනික පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම අමති කියයි යන සිරස්තලය යටතේ අප විසින් යොමු කර ඇති මාධ්‍ය නිවෙිදනයේ සදහන් වන්නේ චීනයේ සමාගමක් විසින් එවා ඇති සාම්පල්වල අහිතකර බැක්ටීරියාවන් ඇති බව පරීක්ෂණවල දී තහවුරු වී ඇති බැවින් එම සමාගමෙන් කාබනික පොහොර ආනයනය නොකරන බවය.

එ අනුව චිනයෙන් කාබනික පොහොර ආනයනය නතර කීරිමට රජය තින්දුවක් ගෙන නොමැති බවද එවැනි ප්‍රකාශයක් කෘෂිකර්ම අමාත්‍යවරයා සිදු කර නැති බවද මෙහිලා සදහන් කරන අතර අපගේ මාධ්‍ය නිවේදනයේ චිනයෙන් පොහොර ආනයනය නතර කරන බවට සදහන් වැකිය චීන සමාගමෙන් පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම ඇමති කියයි යනුවෙන් නිවැරදි විය යුතු බවද කාරුණිකව දන්වමි

මේ නිසා ඔබට යම් අපහසුතාවක් සිදු වුයේ නම් බෙහෙවින් කණගාටු වෙමි.

ජයසූරිය උඩුකුඹුර
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *