ඊයේ (05) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති දෙවන 20/20 තරඟයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කරගැනීමට සමත් විය.
ධනුෂ්ක ගුණතිලක 56ක් ද පැතුම් නිශ්ශංක 37 ක් ද ලබා ගත් අතර බ්රාවෝ ලකුණු 25කට කඩුලු 02ක් දවා ගත්තේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 117ක් පමණි.
එහි දී ලෙන්ඩන් සිමන්ස් ලකුණු 21ක් ද ඔබෙඩ් මැකෝයි ලකුණු 23ක් ද ලබා ගත් අතර වනිඳු හසරංග ලකුණු 17කට කඩුලු 03ක් දවා ගත්තේ ය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 43ක ජයක් හිමි විය. පළමු තරඟයේ ජය කොදෙව් කණ්ඩායමට හිමි වූ නිසා මේ වන විට තරඟාවලිය 1:1ක් ලෙස සම වී තිබේ
දෙ රට අතර තුන්වන හා අවසන් විස්සයි විස්ස තරඟය අනිද්දා පැවැත්වීමට නියමිතය.