දෙවන මාත්‍රාව නොලැබුණු ලාංකිකයින්ට සුභ ආරංචියක්….! ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවකින් 80%ක ආරක්ෂාවක්…!

May 16, 2021 at 10:15 am | by emanisa.lk

කිසිදු එන්නතක් ලබා නොගත් අයෙකුට සාපෙක්ෂව එක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවක් ලබා ගත් අයෙකුට කොවිඩ් ආසාදනය වී මරුමුවට පත්වීමේ අවදානම 80%කින් අඩු කරන බව එංගලන්තය පවසයි.

එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය සිදුකළ පරීක්ෂණවලින් මේ බව තහවුරු වී තිබේ.

ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ද මේ හා සමාන ආරක්ෂාවක් ලැබෙන බව දත්තවලින් තහවුරු වී තිබේ.

ඉන්දියානු කොවිඩ් අර්බුදය සමග ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිෂ්පාදනය අඩාල වීම නිසා ලංකාවේ පිරිසකට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීමට මෙතෙක් නොහැකි වී තිබේ.

මුල් පුවත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *