දූෂණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ලංකාව 104 වන තැනට වැටෙයි…!

January 25, 2022 at 2:56 pm | by emanisa.lk

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ මගින් ගණනය කරන ජාත්‍යන්තර දූෂණ දර්ශකයෙහි ශ්‍රී ලංකාව 104 වන තැනට පත්ව තිබේ.

රාජ්‍ය අංශයෙහි සිදුවන දූෂණ පදනම් කරගෙන ලොව පුරා රටවල් 180ක් මෙම ගණනය කිරීම් සඳහා යොදා ගනී. විශේෂඥයින්ගේ සහ ව්‍යාපාරිකයින් අතර සිදුකළ සමීක්ෂණ ඇසුරින් ඒ ඒ රටවල ස්ථානය ගණනය කෙරෙයි.

ලකුණු 0 සිට 100 දක්වා එහි දී ලකුණු ලබා දෙන අතර ලකුණු 100ක් ලබා ගැනීම යනු දූෂණයෙන් තොර පිරිසිදු රටකි.

ශ්‍රී ලංකාව 2021 වසරේ ලකුණු 38ක් ලබා ගත් අතර මෙවර හිමිව ඇත්තේ ලකුණු 37කි. එහි දත්ත අනුව 2012 වසරේ ලංකාව ලකුණු 40ක උපරිමයක් ලබා ගෙන ඇති අතර 2016 වසරේ ලකුණු 36ක් ලබා ගෙන අඩු ම ලකුණු ප්‍රමාණය වාර්තා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *