මමයි විමලුයි ගම්මන්පිළයි නැත්නම් පොහොට්ටුවක් නෑ….! පළාත් සභා තිබ්බොත් පඬුවස්නුවර සමුපකාර ඡන්දේ ප්‍රතිඵල ලැබෙයි…! – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි…

April 12, 2021 at 9:18 am | by emanisa.lk

පරාජයට පත්වීමේ බලාපොරොත්තුවක් නොමැති නම් පළාත් සභා මැතිවරණය නොපවත්වන්නැයි තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවවාද කරන බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ බව පැවසුවේ ඊයේ (11) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

“හෙණහුරෙක් පාත්වුණා වගේ එක පාරටම මේ පොල්තෙල් ප්‍රශ්නයත් ආවා. බඩුමිල රොකට් වේගෙන් ඉහළ යනවා. ඇමතිවරු කොහොම කතා කළත් බඩුගන්න යන්න තියෙන්නෙ කඩේට. ඉතිං කඩේට ගියාම මේ ඇමතිවරු කියන එව්වා නෙවෙයි එතන මිල දර්ශකය වෙනස්.

යහපාලන ආණ්ඩු කාලේ ඇති වෙච්ච ව්‍යසනය තුරන් කරන්න තමයි අපි අලුත් ආණ්ඩුවක් පත්කර ගත්තේ. මෙතෙක් වෙලා තියෙන්නෙ අපි ආණ්ඩුවේ අඩුපාඩුකම් පෙන්නනකොට අපේම පිරිසක් ඉඳගෙන ප්‍රශස්ති ගායනා කරනවා වෙන පැත්තකට. ඔබවහන්සේලා ප්‍රශස්ති ගායනා කරන්න කරන්න ආණ්ඩුව වැරදි පැත්තට යන්නෙ. අද එන්න එන්න වංචාව වැඩියි, දූෂණය වැඩියි.

ඇත්තෙන්ම ගම්මන්පිල ඇමතිතුමාලා, වීරවංශ ඇමතිතුමාලා, අභයාරාමයයි ඔය කණ්ඩායමයි නැත්තං කවදාවත් පොහොට්ටුවක් හැදෙන්නෙ නෑ.

අපි බැලුවා අවුරුදු එක හමාරක් විතර බැලුවා. පුළුවන් නම් පළාත් සභා තියන්න, තිබ්බොත් ආණ්ඩුව කොතනද කියන එක ආණ්ඩුවට ඉතාම පැහැදිලි වෙයි. කවුරු කොහොම කිව්වත් අවුරුද්දෙන් පස්සෙ අපි දැඩි සංවිධානයක් වෙනවා. පළාත් සභා තියන්න එපා, ගේන්න එපා. පැරදීමේ ලක්ෂණයක් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා නම් පළාත් සභා ගේන්න.

අද පඬුවස්නුවර සමූපකාර ඡන්දෙන් කවුද දිනලා තිබෙන්නෙ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පොහොට්ටුව පරාදයි. ඒකෙන් පේනවා ජනතාවගේ කළකිරීම කොච්චර දුරද කියලා. ආණ්ඩුවත් දැඩි ස්ථාවරයක ඉන්නවා නම් අපිත් ඉන්නවා විරුද්ධව.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *