දුෂ්කර අවස්ථාවේ රටට අස්වැසිල්ලක්..! අධිභාර බද්දෙන් රජයට බිලියන 120ක්…!

April 10, 2022 at 8:22 am | by emanisa.lk

පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 7 වන දා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වූ අධිභාර බද්ද පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය 8 වන සිකුරාදා තබා තිබේ.

මේ අනුව රජයෙහි ඉකුත් අයවැය යෝජනාවල දී ආදායම ලබන වැය ශීර්ෂ දෙකකින් එක් යෝජනාවක් ක්‍රියාත්මක වීමෙන් වාර්ෂිකව රජයට හිමිවන මුදල රුපියල් බිලියන 120ක් හෙවත් කෝටි 12,000කි. මේ රුපියල් බිලියන 120 ඉහළ පෙළේ ව්‍යාපාරික සමාගම් 67කින් ලැබෙන අතර එම සමාගම්හි හිමිකරුවන් සංඛ්‍යාව 30 කි.

ඒ අනුව රජයට හිමිවන රුපියල් බිලියන 120 බද්දෙන් 50%ක් ඉදිරි මස තුළදීම රජයට ගෙවීමට අදාළ සමාගම්වලට සිදුවනු ඇත.
මෙම බද්ද පසුගිය අයවැය මගින් යෝජනා කළේ එවක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *