මං 2017 ගෙනා පනත අනුව අධිභාර බදු බෑ…! වහා ම හකුළා ගනු…! – රනිල්….

February 24, 2022 at 1:25 pm | by emanisa.lk

අධිභාර බද්ද ඉවත් කර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

පාර්ලිමේන්තුවේ දී හිටපු අගමැතිවරයා අද (24) මේ බව පැවසීය.

2017 වසරේ ගෙනා පනතට මේ පනත සම්බන්ධ කරන්න එපා යැයි ද මෙය ආදායම් බද්දක් නොව අධිභාරයක් වන හෙයින් එය බලපාන්නේ කාටදැයි පැවසිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

“මා එක කාරණයක් ගැන කියන්න කැමතියි. 2017 පනතේ තිබෙන්නේ දේශීය ආදායම්. ඒ කියන්නේ ආදායම් බදු. මෙතන කියන්නේ “ස චාර්ජ් ටැක්ස්. බදු දාන්නෙ කාටද කියන එක පැහැදිලිව සඳහන් කරන්න තිබුණා. එවේලේ පැහැදිලි කළේ නැතිනම් දැන් සංශෝධන ගේන්න.

මෙය 2017 පනතට සම්බන්ධ කරන්න එපා. මේ ආදායම් බද්දක් නෙමෙයි. අධිභාරයක්. අධිභාරය බලපාන්නේ කාටද? එය තැන්පතුවලට බලපාන්නෙ නෑ කියන එක එවෙිලේ කියන්න තිබුණා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *