දුමින්ද ලසන්ත අමරවීර තනතුරුවලින් දොට්ට.. තනතුරු රැක ගන්න තිදෙනාම උසාවියට…!

March 30, 2024 at 3:37 pm | by emanisa.lk

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අද (30) ගත් තීරණයට එරෙහිව නීතිය ඉදිරියට යාමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද (30) පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර ඔවුන් තිදෙනා තනතුරුවලින් නෙරපා තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා පත් කර ඇත.

එසේම භාණ්ඩාගාරික ධුරයට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත්කර තිබුණි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට සරත් ඒකනායක මහතා පත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *