දුම්වැටි සහ සුරාබදු ඉහළට…! වාහන අනතුරු සඳහා ගාස්තුවක්…! වාහන ලියාපදිංචියට සහන කාලයක්..!

November 12, 2021 at 6:52 pm | by emanisa.lk

දුම්වැටි සහ සුරාබදු වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කරයි.

ඒ අනුව, එක් දුම්වැටියක මිල රු. 5 කින් වැඩි වනු ඇත. මෙමගින් රු. බිලියන 8 ක ආදායමක් රජය අපේක්ෂා කරයි.

මෙම බදු වැඩි කිරීම මගින් රු. බිලියන 25 ක අතිරේක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.

මෝටර් රථ අනතුරුවලට ලක්වන වාහන සම්බන්ධයෙන් ගාස්තුවක් අයකර ගැනීමට ද, එම ගාස්තුව රක්ෂණයෙන් ප‍්‍රතිපූර්ණය කර ගැනීමට අවස්ථාව ලබාදීමට ද යෝජනා කරයි.

මේ මගින්, සිදු වන මෝටර් රථ අනතුරු අවම කර ගැනීමට අපේක්ෂා කරයි.

වාහන නවීකරණය, වෙනස් කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමට ද, සමා කාලයක් ඇතුළත දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරීමට යෝග්‍ය නීත්‍යානුකූල නොවන මෝටර් වාහන සහ යතුරු පැදි නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමට ද යෝජනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස