දුම්රිය ගමනාගමන තොරතුරු දැන ගැනීම පිණිස අත්‍යවශ්‍ය දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වසර 2 ක් තිස්සේ යාවත්කාලීන කර නොමැති බවත් වාර්තාවේ.
වසර දෙකකින් මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කර නොමැතිවීම හේතුවෙන් විදේශීය සංචාරකයින් ඇතුළු මගීන් විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවද ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) දන්වා ඇත.
වෙබ් අඩවිය යාවත්කාල කිරීම සඳහා අවශ්‍ය මුරපදය අස්ථානගත වීම නිසා මෙම ගැටලුව මතුව ඇති බවයි, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
එසේම ඔහු සඳහන් කරන්නේ මෙම වෙබ් අඩවිය පරණ එකක් වීම නිසා ඒ ගැන සොයා බැලීමට නොහැකිවූ බවත් කුඩා තොරතුරු තාක්ෂණ ඒකකයක් මගින් මෙම කටයුතු සිදු කරන බවත්ය.
මෙම වෙබ් අඩවි යාවත්කාල කිරීමට අවශ්‍ය තාක්ෂණය ICTA ආයතනය සපයා ඇති මුත් ඒවා යාවත්කාල කිරීමේ වගකීම ඒ ඒ ආයතන සතු වගකීමක් බවත් රජයට අයත් වෙබ් අඩවි 1300ක් පමණ තම ආයතනය නිර්මාණය කර දී ඇති බවත් පවසන ICTA සභාපති ඕෂධ සේනානායක පවසයි.