දුම්රිය වර්ජනය නවතා දැමේ…!

March 30, 2022 at 7:53 am | by emanisa.lk

ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිට වූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

ප්‍රවාහන අමාත්‍යවරයා සමග ඊයේ(29) රාත්‍රීයේ සිදුකළ දුරකථන සංවාදයෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හැරීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ, ලේකම් ඉන්දික දොඩංගොඩ අනාවරණය කළේ ය.

අත්තනෝමතික ලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් ම්රිය එන්ජින් රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට අතිකාල සේවයෙන් ඉවත්වීමට කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *