දුම්රිය රියදුරෝ අවුරුදු කති.. දුම්රිය 11ක් අවලංගුයි… මගී ජනතාව අතරමං…!

April 17, 2024 at 11:02 am | by emanisa.lk

දුම්රිය රියැදුරන් සහ නියාමකයන් පිරිසක් අවුරුදු නිවාඩුවට ගම්බිම්වලට ගොස් නැවත සේවයට නොපැමිණීම නිසා ඊයේ (16) පෙරවරුවේ දුම්රිය 11ක් අවලංගු කිරීමට සිදුවීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්විය.

දුම්රිය කිහිපයක් අවලංගු කළ ද ඒ වෙනුවට ඇතැම් ශීඝ්‍රගාමී දුම්රිය සාමාන්‍ය දුම්රිය ලෙස දුම්රිය ස්ථානවල නතර කර ධාවනය කිරීමට කටයුතු කළ බවත් ඊයේ දුම්රියේ ගමන් ගත් මගීන්ගේ අඩුවක් තිබූ බවත් ඒ මහතා කීය.

දුම්රිය රියැදුරන් සහ නියාමකයන් අලුත් අවුරුදු නිවාඩු ලබා නැවත සේවයට වාර්තා කරමින් සිටින නිසා දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවත් දින දෙකක් පමණ ගතවන විට එය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් සාමාන්‍යාධිකාරිවරයා පැවසීය. කෙසේ වෙතත් දුම්රිය ගමන්වාර අවලංගු වීම නිසා මගීන් දැඩි නොසන්සුන්තාවකට පත්වී සිටින අයුරු දක්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *