දුරකතනයෙන් දුම්රිය ආසන වෙන් කිරීමේ පහසුකම්..!

November 24, 2023 at 6:03 pm | by emanisa.lk

දුම්රිය ආසන වෙන්කිරීමේ දී මඟී ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටලු විසඳීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දී තිබේ.

ස්වේච්ඡා සංවිධානයක් විසින් දුම්රියේ ගමන් ගන්නා මඟීන් වෙනුවෙන් නිර්මාණය කර ඇති යෙදවුමක් (App) හරහා මෙය සිදු කිරීමට නියමිත ය.

RDMNS.LK Live Train Alerts Mobile’ නම් යෙදවුම දුරකතනයට බාගත කර ගැනීම මගින් මෙම නවතම විශේෂාංගය සහිත සේවාව ලබාගත හැකිය.

එමගින් දුම්රිය මැදිරි තුළට පිවිස නැරඹීම, ආසන වෙන් කිරීමේ ගාස්තු, දුම්රිය මැදිරිවල ඡායාරූප, ආසන වර්ග, ආසන අංක, එක් එක් ක්‍රමවේද ඔස්සේ ආසන වෙන් කිරීමේ උපදෙස්, වීඩියෝ දර්ශන, නිතර අසන ප්‍රශ්න සහ දුම්රිය කාලසටහන ආදී විවිධ සේවා සිංහල සහ ඉංගිරිසි භාෂාවලින් ලබා ගත හැකිය.

එපමණක් නොව මෙම යෙදවුම මඟින් දුම්රිය තිබෙන ස්ථානය, දුම්රිය ප්‍රමාදය සහ ඒ අනුව ඉදිරියට ඇති දුම්රිය ස්ථාන සඳහා ළඟා වීමේ අපේක්ෂිත වේලාවන්, සජීවී පුවත් ඇතුළු දුම්රිය සම්බන්ධ සේවා රැසක් ලබාගැනීමේ හැකියාව ද ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *